සුප්‍රසිද්ධ මෙක්සිකානු මල්ලවපොර ක්‍රීඩක රේ මිස්ටිරියෝ මිය යයි

සුප්‍රසිද්ධ මෙක්සිකානු මල්ලවපොර ක්‍රීඩක රේ මිස්ටිරියෝ සීනියර් (Rey Misterio Sr) මියගොස් තිබෙනවා.
ඔහු මිය යන විට 69 වන වියේ පසු වූ බවයි ඔහුගේ පවුලේ සාමාජිකයන් සඳහන් කළේ.
ඔහු ජනප්‍රිය WWE තරුවක් වන රේ මිස්ටිරියෝ ජුනියර්ගේ (Rey Mysterio Jr) මාමා වෙනවා.
රේ මිස්ටිරියෝ සීනියර් සිය වෘත්තීය මල්ලවපොර ජීවිතය 1976 දී ආරම්භ කළ අතර, ඔහු 2009 වසරේ දී මල්ලවපොර ක්‍රීඩාවට නිල වශයෙන් සමුදෙනු ලැබුවා.
කෙසේ වෙතත් මල්ලවපොර ක්‍රීඩාව සඳහා ඔහු තුළ තිබූ දැඩි ප්‍රියතාවය හේතුවෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුවත් විවිධ අවස්ථාවන්වල දී ඔහු ක්‍රීඩා තරග සඳහා සහභාගි විය.