බන්ධනාගාර නිලධාරින් 1800 කගේ හිඟයක්- බන්ධනාගාර දෙපාර්තමේන්තුව

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ, නිලධාරි හිඟය හේතුවෙන් සෝදිසි කිරීම්වලට බලපෑම් එල්ලවී ඇති බවයි.

මේ වනවිට දිවයිනේ බන්ධනාගාරවල රැඳවියන්ගේ ධාරිතාව 300% දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

රැඳවියන් පරීක්ෂාව සඳහා තාක්ෂණික සහය ලබා ගැනීමට යෝජනා ඉදිරිපත් කර ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

LATEST NEWS