පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයකට අත්හිටුවයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයකට අත්හිටුවා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, අද පස්වරු 4.30 සිට එය බලාත්මක බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින් එම තීරණය ගෙන තිබේ.
අදාළ විමර්ශන ක්‍රියාත්මක වන්නේ, ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුවයි.
ශ්‍රී ලංකා මහබැංකුව 2017 ජූලි මස 06 වැනිදා මුල් වරට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට තීරණය කළ අතර එතැන් සිට අඛණ්ඩව මාස 6 න් 6ට එම අත්හිටුවීම දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.