ඉන්දියාව පැරදූ ඔස්ට්‍රේලියාව ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ඉන්දීය කණ්ඩායම සමග පැවති පස්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජයගත් ඔස්ට්‍රේලියාව 2025 ටෙස්ට් ක්‍රිකට් ලෝක ශුරතාවලියේ අවසන් මහා තරගයට ඊයේ (05) සුදුසුකම් ලබා ගත්තේ ය.

සිඩ්නිහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 185ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 181ක්.

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 157ක් රැස් කළ අතර ඒ අනුව ඔස්ට්‍රේලියාවට ලකුණු 162ක ඉලක්කයක් හිමි විය.

එම ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව තරගය ජය ගත්තේ පන්දුවාර 27ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී සිටියදීයි.

ඒ අනුව තරග 3ට 1ක් ලෙස දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගත් ඔස්ට්‍රේලියාව බෝඩර් – ගවස්කාර් කුසලානයද දිනා ගත්තේ ය.

LATEST NEWS