නවසීලන්තය සමඟ T20 තරගාවලියත් සුපුරුදු ලෙසම පරාදයි


සංචාරක ශ්‍රීලංකා – නවසීලන්ත කණ්ඩායම් අතර අද (30) පැවති දෙවැනි පන්දුවාර 20 තරගයේ ජය මෙන්ම තරගාවලියේ වාර්තා කිරීමට නවසීලන්තය සමත් වුණා.

ඒ ලකුණු 45 කින් පරාජයට පත් කරමින්.

අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රීලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට සත්කාරක නවසීලන්තයට ආරාධනා කළ අතර, පිටියට පිවිසි ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 186ක් රැස් කළා.

එහිදී පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ Tim Robinson ලකුණු 41ක්ද, Mark Chapman ලකුණු 42ක්ද, Rachin Ravindra එක් ලකුණක්ද, Glenn Phillips ලකුණු 23ක්ද, Daryl Mitchell ලකුණු 18ක්ද, Mitchell Hay නොදැවී ලකුණු 41ක්ද, Michael Bracewell නොදැවී ලකුණු 05ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග කඩුළු 02ක්ද, නුවන් තුෂාර සහ මතීෂ පතිරණ එක් කඩුල්ල බැගින් දවාගත්තා.

අනතුරුව ලකුණු 187ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු සියල්ල දැවී පන්දුවාර 19.1ක් අවසානයේ රැස්කරගත හැකි වුණේ ලකුණු 141ක් පමණයි.

පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 37ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 10ක්ද, කුසල් පෙරේරා ලකුණු 48ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 07ක්ද, නායක චරිත් අසලංක ලකුණු 20ක්ද, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 05ක්ද, වනිඳු හසරංග එක් ලකුණක්ද රැස් කරගත්තා.

එමෙන්ම, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ කිසිඳු ලකුණක් නොලබා දැවී ගියා.

පන්දු යැවීමේදී Jacob Duffy කඩුළු 04ක්ද, Matt Henry සහ Mitchell Santner කඩුළු 02 බැගින්ද, Michael Bracewell සහ Zakary Foulkes එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත පන්දුවාර 20 තරගාවලියේ තරග දෙකක් නවසීලන්තය ජයග්‍රහණය කිරීමෙන් තරගාවලියේම ජය නවසීලන්තය හිමිකර ගත්තා.

LATEST NEWS