ඉදිරි පැය 36 දී ප්‍රදේශ කිහිපයකට වැසි
ඉදිරි පැය 36 දී සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහිදී දකුණු පළාතට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.