හිටපු පා.ම. දුමින්ද සිල්වාට අමතර පහසුකමක් දීලද


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට බන්ධනාගාරය තුළ විශේෂ වරප්‍රසාද ලබා දෙන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පවසනවා.

අද (04) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, බන්ධනාගාර රෝහල තුළ ප්‍රතිකාර ලබන්නේ වෛද්‍ය නිර්දේශ අනුව බවයි.

එමෙන්ම ඇතැම් පුද්ගලයින් බන්ධනාගාර රෝහලකට ඇතුල්වෙන්නේවත් නැතිව අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින බවද බන්ධනාගාර කොමසාරිස්වරයා අවධාරණය කළා.

බන්ධනාගාරය පිළිබඳව මානව හිමිකම් කමිෂන් සභාව, බන්ධනාගාර නිරීක්ෂණ කමිටු ඇතුලු පාර්ශව රැසක අධීක්ෂණය යටතේ සිදුකෙරෙන බවත් එම කිසිඳු පාර්ශවයකින් මෙවැනි චෝදනාවක් සිදුකර නොමැති බවද ඔහු සඳහන් කළා.

LATEST NEWS