ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම ලබන 8 වැනිදා සිට

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ, උත්තර පත්‍ර ඇගයීම ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා සිදුකරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, කඩිනමින් ප්‍රථිපල නිකුත් කිරිමට පියවර ගන්නා බවයි.

ප්‍රධාන පරීක්ෂක රැස්වීම් අද (04) සහ හෙට (05) දෙදින පැවැත් වේ.

එහිදී ලකුණු දීමේ පටිපාටිය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.

ආන්දෝලනයට තුඩුදුන් ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවී ඇතැයි කියන ප්‍රශ්න 03ට සියලු අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ලබා දීමට පසුගියදා තීරණය කළේ ය.

LATEST NEWS