ප්‍රදේශ රැසකට අදත් තද වැසි: ජලාශ කිහිපයක් වාන් දමයි

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල මිලිමීටර් 75 ට වැඩි වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අද දිවයිනට නැගෙනහිර දෙසින් පිහිටා තිබෙන බවයි.
අඩු පීඩන කලාපය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 48 තුළදී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර මේ අතර, පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 04කට නිකුත් කල නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ බදුල්ල, මහනුවර, කුරුණෑගල, සහ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා එලෙස නිවේදන නිකුත් කර ඇති බවයි.
දිවයිනේ ප්‍රධාන ජලාශ 31 ක් මේ වන විට වාන් දමමින් පවතී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ ඉන්ජිනේරු ලහිරුණී ජයතිලක මහත්මිය සදහන් කලේ අනුරාධපුර, අම්පාර, බදුල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල ප්‍රධාන ජලාශ වාන් දමමින් පවතින බවයි.
අධික වර්ෂාවත් සමඟ කලාවැවේ වාන් දොරටු දෙක අඩි 05 බැගින් විවෘත කර තිබේ.
ඉන් තත්පරයට ඝණ අඩි 6000 ක ජල ධාරිතාවක් කලාඔයට මුදා හැරෙනු ඇති.
අනුරාධපුර නුවර වැවේ වාන් දොරටු හතර අඩි තුන බැගින් විවෘත කෙරිණි.
නාච්චදූව ජලාශයේ විවෘත කර ඇති වාන් දොරටු සංඛ්‍යාව 6කි.
ඉන් ජලය මල්වතුඔයට මුදා හැරෙන අතර ඒ පිළිබඳව අවධානයෙන් පසුවන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේය.