ගසක අත්තක් වැටී අවුරුදු 05ක දරුවෙකුට දිවි අහිමි වෙයි


ගසක අත්තක් කඩා වැටී පෙරපාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්ත් හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 05ක පිරිමි ළමයෙක්ය .

මීට දින කිහිපයකට පෙර මෙම දරුවා ඉගෙනුම ලැබූ පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දෙමාපියන් කැඳවා තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූ දරුවාගේ මවද මෙම දෙමාපිය හමුවට සහභාගී වී ඇති අතර දරුවා පෙර පාසලෙන් මදක් එහා ඇති ස්ථානයක සෙල්ලම් කරමින් සිට තිබෙනවා.

එක්වරම ගසක අත්තක් කඩා වැටී දරුවාගේ හිසෙහි ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේය.

රෝහල්ගත කළ දරුවා ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බව හොරොව්පතාන පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේය.

LATEST NEWS