පුටින්ගේ ඉන්දීය සංචාරය ගැන තොරතුරු

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ ඉන්දියානු සංචාරයක් සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා ලබන වසරේදී නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතය.

එම සංචාරය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයක් අනුව සිදුවන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් ජුලි මාසයේ මොස්කව් නුවරදී නායකයන් දෙපළ සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපතිවරයාට ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබුණි.

LATEST NEWS