විදෙස්ගත බිරිඳ කෝල් ගන්න එපා කියූ දුකට සැමියා දිවි නසා ගනී

විදේශගත රැකියාවක නිරත බිරිඳ දුරකතනයෙන් කතා කිරීම නැවත්වූ බව පවසමින් එක් දරු පියෙකු ජංගම දුරකතනයෙන් විඩියෝගත කරමින් සියදිවි නසාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කහවත්ත වැල්ලදුර වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක්.
මියගිය පුද්ගලයාගේ සහෝදරයෙකු සහ තවත් අයෙකු මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දී තිබෙනවා.
ඒ අනුව හෙළිවී ඇත්තේ මියගිය අයගේ බිරිඳ මීට මාස හයකට පෙර සවුදි අරාබියේ රැකියාවකට පිටත්ව ගොස් තිබෙනවා.
ඇයට දුරකකන ඇමතුම් ලබා නොගන්නා ලෙස ඇය සැමියාට දැනුම් දීමෙන් පසු ඔහු ගෙල වැළලාගෙන ඇති බවයි.
ඔහු ගෙල වැළලාගැනීමට පෙර ජංගම දුරකතනයේ වීඩියෝ කැමරාව විවෘත කර ඇතැයි ද සියදිවි නසා ගන්නා ආකාරය එහි පටිගත වී ඇතැයි කහවත්ත පොලීසිය සහ හදිසි මරණ පරික්ෂකවරයා විසින් ජංගම දුරකතනය පරික්ෂාවට ලක් කිරිමේදී අනාවරණය වී තිබෙනවා.
පශ්චාත් මරණ පරික්ෂණයේ දී මෙම මරණය ගෙල වැළලාගැනීම නිසා සිදුවූ මරණයක් බව නිගමනය වී ඇති බව සඳහන්