ප්‍රදේශ කිහිපයකට අද තද වැසි
පවතින වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ 33 ක් වාන් දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ ඉංජිනේරු ළහිරුණි ජයතිලක මහත්මිය සඳහන් කළේ, ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 87%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
බස්නාහිර , සබරගමුව, සහ මධ්‍යම පළාත් වල ඇතැම් ස්ථානවලට මෙන්ම ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට අද සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු , නැගෙනහිර , උතුරු මැද සහ වයඹ පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට තරමක තද සුළං ද ඇති විය හැකි බවයි.
තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි .