රථවාහන වැරදි , වෙනත් අපරාධ සහ පරිසර හානි පිළිබද දැනුම් දීමට පොලීසියෙන් ඇප් එකක්

රථවාහන වැරදි , වෙනත් අපරාධ සහ පරිසර හානි පිළිබද දැනුම් දීමට පොලිසිය අද (01) ඇප් එකක් හඳුන්වා දුන්නේ ය.
එය නම් කර ඇත්තේ E ට්‍රැෆික් ලෙසයි.
එම ඇප් එක භාගත කිරීමෙන් පසු, රථවාහන වැරදි , අපරාධ සහ පරිසර හානි පිළිබද වීඩියෝ දර්ශන , ඡායාරූප හා තොරතුරු අප්ලෝඩ් හෙවත් උඩුගත කළ හැකි බව පොලීසිය දැනුම් දෙයි.
ඇප් එක හඳුන්වා දීම , අද සිදු කෙරුණේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.