බස් ගාස්තුව ගැන ගැමුණුගෙන් අනතුරු ඇඟවීමක්
ජූලි මාසය වන විට බස් ගාස්තු අනිවාර්යෙන්ම අසීමිත ලෙස වැඩි වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඉන්ධන මිල පහළ දමන්නේ නම් එම සහනය ජනතාවට ලබා දෙන බවත් එසේ ජනතාවට සහන ලබා දීමට නම් ඉන්ධන මිල පමණක් නොව අමතර කොටස් සහ භාණ්ඩ පිරිවැයත් පහල දැමීම සිදු කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.
සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ සාමාන්‍ය බස් රථයක් එක්කෝටි හැත්තැ ලක්ෂයක් දක්වා මිල වැඩි වීමක් සිදු වී ඇති බවත් එයට සාපේක්ෂව අනිත් පිරිවැයන් ද ඉහළ ගොස් ඇති අතර ජූලි මාසය වන විට එය ගණනය කිරීමට සිදුවන බැවින් මෙසේ බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවයි.
ඔහු මේ බව පැවසුවේ අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න,