දේශපාලනඥයෙකු පැදවූ වෑන් රියක ගැටීමෙන් තරුණ යුවළක් අනතුරට ලක්වෙයි! තරුණයා මෙලොව හැර යයි!

නව වසර උදාව සතුටින් පිළිගැනීම සඳහා අලුත් ඇඳුම් පැළඳුම් මිල දී ගෙන නැවත යතුරුපැදියකින් සිය නිවස බලා යමින් සිටි තරුණ යුවළක් රිය අනතුරකට ලක් වීමෙන් සැමියා ජීවිතක්ෂයට පත් ව තරුණිය බරපතළ තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම අනතුරින් 23 හැවිරිදි තරුණ සැමියා මියගොස් ඇති අතර 19 හැවිරිදි තරුණ බිරිඳ බරපතළ තුවාල ලබා සිටියදී වෑන් හිමිකරු විසින්ම ඔවුන්ව රෝහල්ගත කිරීමට කටයුතු කෙරුණා.
නව වසර සඳහා ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි වාතථා වන්නේ.
පසුගිය 30 වනදා රාත්‍රී 9.30ට පමණ මෙම අනතුර සිදුව තිබෙන්නේ උඩුනුවර – දවුලගල – දොළවන්වලපිටිය ප්‍රදේශයේදීයි.
මෙවර පැවති මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ උඩුනුවර ආසනයෙන් තරග කළ රනිල් රාජපක්ෂ යන අය පැදවූ වෑන් රථයට මෙම යුවළ ගැටී ඇති බවයි පැවසෙන්නේ.
සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කොට ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ෂන සිදු කරනවා