දෝෂාභියෝගයකින් ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට එරට අධිකරණයේ අනුමැතිය

දෝෂාභියෝගයක් හේතුවෙන් සිය ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට එරට අධිකරණය විසින් අනුමැතිය ලබාදී තිබේ.
ඔහුට සිය ධුරය අහිමි වුණේ, පසුගිය දෙසැම්බර් 3 වැනි දා යුධ නීතිය පැනවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ගෙන ආ දෝෂාභියෝගයකින් පරාජයට පත්වීමෙනි.
ජනපතිගේ රාජකාරී අත්හිටුවීමෙන් අනතුරුව එරට අග්‍රාමාත්‍යවරයා, වැඩබලන ජනපති ලෙස පත් කෙරුණි.
කෙසේ නමුත් ඔහුට එරෙහිව ද විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඉන් අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කෙරුණේ, එරට මුදල් සහ ආරථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයායි.