දකුණු කොරියානු ගුවන් අනතුරින් මියගිය සංඛ්‍යාව 85 දක්වා ඉහළට

දකුණු කොරියාවේ සිදුවූ ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ.

දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

කෙසේ නමුත් දකුණු කොරියානු බලධාරීන් සැක පළකර ඇත්තේ බේරාගත් පුද්ගලයින් දෙදෙනෙකු හැර අන් සියල්ලම මියගොස් ඇති බවය.

යානය ගොඩ බස්වන අවස්ථාවේදී එය තුළ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සමගින් පුද්ගලයින් 181ක් දෙනෙකු හිඳ තිබේ.

යානය මුලින් ගොඩබෑමට උත්සාහා කර ඇති නමුත් එය අසාර්ථක වී තිබේ.

පසුව නැවත ගොඩබෑමට උත්සාහ කිරීමේදි ධාවන පථයෙන් ඉවතට ගොස් ධාවන පඨයේ කෙළවරේ තිබූ තාප්පයක ගැටී ගිනි ගෙන තිබේ.

ගුවන් යානය තායිලන්තයේ සිට ආපසු පියාසර කරමින් තිබූ අතර එය ගොඩබෑමේදි මෙම අනතුර සිදුව ඇත‍.

කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවය. 

කෙසේ නමුත් මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවද එම මාධ්‍ය වාර්තා වල  සඳහන් වේ.

LATEST NEWS