ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්… ගුවන් ගමන්වලටත් බලපෑම්

ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

X පණිවුඩයක් නිකුත් කරමින් ජපාන ගුවන් සේවය සඳහන් කළේ, ඉන් දේශීය සහ විදේශීය ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වී ඇති බවයි.

පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද ජපාන ගුවන් සේවය සඳහන් කළේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වනවිටත් ඇතැම් ගුවන් ගමන් ප්‍රමාද වී ඇති බවයි.

මගී ගමන් මලු කළමනාකරණ ක්‍රියාවලියට ද ඒ හේතුවෙන් බාධා එල්ල වී තිබේ.

LATEST NEWS