ප්‍රාදේශීය ලේකම්වරු 30ක් බඳවා ගන්න පරිපාලන අමාත්‍යාංශය, රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමැතිය ඉල්ලයි

ප්‍රාදේශීය ලේකම්වරුන් 30 දෙනෙකු බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඉල්ලා තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් අලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, ප්‍රාදේශීය ලේකම් කාර්යල 30ක් මේ වනවිට වැඩබලන ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ ක්‍රියාත්මක බවයි.

පරිපාලන සේවයේ එක හෝ දෙක නිලධාරීන්ගේ සම්මුඛ පරීක්ෂණ පවත්වා ඔවුන්ගේ නම් අනුමැතිය සඳහා රාජ්‍ය සේවා කොමිසමට යොමු කර ඇතැයි ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

LATEST NEWS