යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට රුසියානු ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

යුක්‍රේනයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් දියත් කරන බව රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඒ, රුසියාවේ කසාන් නුවරට යුක්‍රේනය ඊයේ එල්ල කළ ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙසයි.
යම් පාර්ශවයක් සිය රටේ යම් වස්තුවක් විනාශ කිරීමට උත්සහ දරන්නේ නම්, එම රටට ඊට වඩා දෙතුන් ගුණයක් වැඩි ඛේදවාචකයට මුහුණදීමට සිදුවනු ඇතැයි පුටින් අනතුරු අඟවයි.
ඔහු සඳහන් කළේ, යුක්‍රේනය එල්ල කළ ප්‍රහාර වලින් සිදුවූ හානි කඩිනමින් යථා තත්වයට පත් කර සිය රට තවත් ඉදිරියට යන බවයි.
යුක්‍රේනය ඊයේ රුසියාවේ කසාන් නුවරට ඩ්‍රෝන ප්‍රහාර 8 ක් එල්ල කළේ ය. ඉන් ප්‍රහාර 6 ක් එල්ල වූයේ නේවාසික ගොඩනැඟිලි ඉලක්ක කර ගනිමින් ය.