රුසියාවේ හමුදා ප්‍රධානියා ඝාතනයට උස්බෙකිස්ථාන ජාතිකයෙකු අල්ලයි

රුසියාවේ න්‍යෂ්ටික ආරක්ෂණ බලකාය භාරව සිටි හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අයිගෝර් කිරිලොව් ගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්‍රේන බුද්ධි අංශ වෙනුවෙන් සේවය කළ උස්බෙකිස්ථාන ජාතිකයෙකු මොස්කව් නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුසියානු ආරක්ෂක අංශ පවසන්නේ යුක්‍රේනය රුසියාව තුළදී ඝාතනය කළ ජ්‍යෙෂ්ඨතම රුසියා හමුදා ප්‍රධානියා ලුතිනන් ජෙනරාල් අයිගෝර් කිරිලොව් බවයි.
අදාළ ඝාතනයේ වගකීම යුක්‍රේන ඔත්තු සේවා භාරගෙන තිබුනා. අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රකාශ කර ඇත්තේ යුක්‍රේන මෙහෙයුමක් සදහා තමන් මොස්කව් වෙත පැමිණි බවයි.