සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 6කට කල් ඉකුත් වූ එන්නත්

පිටගැස්ම වැළැක්වීමේ එන්නත ලබාදීමෙන් පසුව රෝගී වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 06 දෙනෙකු ඊයේ (17) බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

ක්ෂේත්‍ර අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පෙර , කෘෂි විද්‍යා පීඨයේ සිසුන්ට මෙම එන්නත ලබා දීම සිදුවන බව සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා සඳහන් කළේ ය.

උපකුලපතිවරයා පැවසුවේ ඊයේ (17) පෙරවරුවේ එම එන්නත ලබා දීමට කටයුතු කරමින් සිටියදී සිසුන් 06 දෙනෙකුට ලබා දී ඇත්තේ කල් ඉකුත්වු එන්නත් බවට හෙළිවී ඇති බවයි.

ඒ අනුව එන්නත්කරණය නතර කිරීමට පියවර ගැණිනි.

සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැවසුවේ කල් ඉකුත්වු එන්නත් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ හෙදියන් විසින් සිසුන්ට ලබාදීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂනයක් ක්‍රියාත්මක බවයි.

LATEST NEWS