2025 වර්ෂයේ පාසල් වාර කාළසටහන නිකුත් කරයි

2025 වර්ෂයේ පාසැල් වාර කාළසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ම නිකුත් කර ඇත.
ඒ අනුව පළමු පාසල් වාරය අදියර තුනකින් යටතේ පැවැත්වෙන අතර එහි පළමු අදියර ජනවාරි 27 වෙනිදා සිට මාර්තු මස 14 වෙනිදා දක්වා පැවැත්වේ .
පළමු පාසල් වාරයේ දෙවන අදියරේ අප්‍රේල් 1 වෙනිදා සිට 11 වෙනිදා දක්වාත් තෙවන වන අදියර අප්‍රේල් 21 වෙනිදා සිට මැයි 09 වෙනිදා දක්වාත් පැවැත්වීමට තීරණය කර ඇත.
දෙවන පාසල් වාරය මැයි 14 වැනිදා සිට අගෝස්තු 7දක්වා පැවැත්වේ.
නෙවන පාසල් වාරය අදියර දෙකක් යටතේ පැවැත්වීමට තීරණය කර ඇත.
ඒ අනුව පළමු අදියර අගෝස්තු 18 සිට ඔක්තෝබර් 17 දක්වාත් දෙවන අදියර නොවැම්බර් 17 සිට දෙසැම්බර් 19 දක්වාත් පැවැත්වෙනු ඇත.