දකුණු ඉන්දීය සුපිරි නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට

මේ දිනවල ඉන්දියාවේ නව ආදයම් වාර්තා පිහිටුවමින් තිරගත වන පුෂ්පා 2 ච්ත්‍රපටයේ පුස්පරාජ් ගේ චරිතයට පණ පොවන සුප්‍රකට නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හයිඩ්රබාද් හි සිනමා ශාලාවක පැවැති මංගල දර්ශනයේදී සිනමා රසිකයෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් එම මංගල දර්ශනය අතරතුර අල්ලු අර්ජුන් දැක බලා ගැනීමට විශාල ජනකායක් එක්රැස්වීමත් සමඟ ඇතිවූ තෙරපිමත් සමඟ නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.
එම අවස්ථාවේදී සිනමා ශාලාවේ ප්‍රධාන ගේට්ටුව ද කඩා වැටී ඇති අතර එහිදී 35 හැව්රිදී කාන්තාවක් ජීවිතක්ෂයට පත්වි ඇති අතර ඇයගේ 9 හැව්රිදී පුත්‍රයාද බරපතල තුවාල ලැබුවා.
එම අවස්ථාවේදී සපරාධී නොසැළිකිළිමත් කම සහ තුවාල කිරීම සම්බන්ධයෙන් අල්ලු අර්ජුන්ට චෝදනා ගොනු කරණු ලැබුවා. පසුව මහා අධිකරණයේ නියෝගයක් මත ඇප මත මුදා හැරුනා.