උතුරේ උණ රෝගයක් පැතිරේ

යාපනය රෝහලේ පසුගිය සතියේ හඳුනා නොගත් උණ රෝගයෙන් මියගිය 7 දෙනාම මී උණ රෝගයෙන් මියගිය බවට තහවුරු කරයි.
මෙහිදී රෝගීන් 50ක් පමණ වාර්තා වී ඇති අතර ඒම රෝගී තත්ත්වය යම්තාක් දුරට අඩුවි පවතින අතර වසංගත රෝගී අංශයේ සේවය කරන වසංගත රෝග විද්‍යාඥයින් කණ්ඩායමක් යාපනයට පැමිණ ඇත.
ඔවුන් රෝහල්වලට සහ ක්ෂේත්‍ර වලට යෑමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙයි.
මෙය බොහෝදුරට දකුණේ දකින්නට ලැබෙන අතර ගංවතුර හා කුඹුරු ආශ්‍රිතව මෙම තත්වයන් දකින්නට ලැබේ.
උතුරේ පැවති ගංවතුර තත්වය බැස නොයාමේ තත්වය තුළ ඇතිවන දෙයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේය.