දකුණු කොරියාවේ තවත් යානයක ගොඩබැස්වීමේ දෝෂයක්
දකුණු කොරියාවේ ජෙජු එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් සිදු කර තිබේ.
ඒ, ගුවන්යානය ගොඩබැස්ස වීමේ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ය. ජේජු ගුවන්සමාගමටම අයත් බෝජේජු ගුවන් සමාගමට අයත් බෝයින් 737 වර්ගයේ 7C101 ගුවන් යානය අද උදෑසන 6.44 ට ගිම්පෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.
ඒ, ගිම්පෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කිලෝමීටර 451ක දුරින් පිහිටි ජෙජු ගුවන්තොටුපොළ දක්වා පියාසර කිරීමටයි.
පියාසැරිය ආරම්භ කර සුළු වේලාවකට පසු නැවතත් යානය ගිම්පෝ වෙත ගොඩබැස්විමට කටයුතු කළේ, යානයේ ලෑන්ඩින් ජියර් පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ය. යානයේ මගීන් 161 ක් දෙනෙක් සිටියේ ය.
අනතුරුව වෙනත් ගුවන් යානයකින් මගීන් ගිම්පෝ බලා ඔවුන් පිටත් කර යැවිමට බලධාරින් කටයුතු කර තිබුණි.
ජේජු ගුවන් සමාගමටම අයත් බෝයින් 737 වර්ගයේ ගුවන් යානයක් අනතුරකට ලක්වී පැය 24 ක් ගත වන්නටත් පෙර යළිත් මෙවන් සිදුවිමක් වාර්තා වීම සියල්ලන්ගේම අවධානයට ලක් තිබේ.