විදුලි ගාස්තු අඩුකිරීම ගැන ජනවාරි 17 කියයි


විදුලි ගාස්තු සංශෝධනයට අදාලව විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති ගාස්තු සංශෝධන ඇතුළු විදුලි පාරිභෝගික යෝජනා ලබන ජනවාරි 17 වැනිදා ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

පළාත් මට්ටමෙන් ආරම්භ කළ මහජන මත විමසීම් සලකා බැලීමෙන් පසුව ඒවා සමාලෝචනය කිරීමෙන් අනතුරුවයි අදාල වාර්තාව නිකුත් කිරීමට නියමිතව ඇත්තේ.

මධ්‍යම පළාත් විදුලි පාරිභෝගිකයන් ඇතුළු පාර්ශ්ව කරුවන්ගේ අදහස් විමසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

විදුලි බල මණ්ඩලය 2025 ජනවාරි මාසයේ සිට සංශෝධනය කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයන් ගැන මහජන උපයෝගිතා කොමිෂන් සභාව පාරිභෝගික යෝජනා හා අදහස් රැස් කිරීමට කටයුතු කළා.

LATEST NEWS