නත්තල අතරතුර රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාර මාලාවක්

මිලියන ගණනක යුක්‍රේන වැසියන් නත්තල සමරද්දී එරට බලශක්ති පද්ධතියට ප්‍රධාන දායකත්වයක් සපයන දෙවන විශාලම නගරය ද වන කාර්කිව් වෙත රුසියාව මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
එහිදී මිසයිල 70 ක්, ඩ්‍රෝන ප්‍රහාර 100 ක් පමණ එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, මිසයිල 50 කට වැඩි ප්‍රමාණයක් විනාශ කිරීමට යුක්‍රේනය සමත් වී ඇති බව යුක්රේන රජය පවසනවා . ප්‍රහාර මාලාවත් සමග යුක්‍රේනයේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම ඇනහිට ඇති අතර, බලශක්ති සැපයුමද සීමා වී ඇතැයි සදහන්.