ගින්දරත් එක්ක සෙල්ලම් එපා! චීනයෙන් අමෙරිකාවට තරවටුවක්

අමෙරිකාව තායිවානයට නව මිලිටරි ආධාර සහ ආයුද සැපයීම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමෙන් පසු චීනය අමෙරිකාවට අනතුරු ඇගවීමක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව චීනය පවසා ඇත්තේ අමෙරිකාව ගින්දර සමඟ සෙල්ලම් කරන බවයි.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශය අමෙරිකාවෙන් ඉල්ලා සිටියේ, තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වයට වළ කපන භයානක පියවර නතර කරන ලෙසයි.
මෑත වසරවලදී තායිවානය මත දේශපාලන හා මිලිටරි පීඩනය වැඩි කර ඇති චීනය, තායිවානය යනු තම භූමියේ කොටසක් ලෙස ප්‍රකාශ කරන අතර තායිවානයට ආයුධ සහ ආධාර යැවීම නතර කරන ලෙස අමෙරිකාවෙන් ඉල්ලා සිටිනවා.
එහෙත් චීනයේ බලපෑම් තරයේ ප්‍රතික්ෂේප කරන තායිවාන රජය පවසන්නේ සිය රට ස්වාධීන රාජ්‍යයක් බවයි.
අමෙරිකාව ද නිල වශයෙන් තායිවානය රාජ්‍ය තාන්ත්‍රිකව පිළිගෙන නොමැති නමුත් ස්වයං පාලනයක් ඇති එහි උපායමාර්ගික සගයා සහ විශාලතම ආයුධ සැපයුම්කරු ලෙස කටයුතු කරනවා.