හාල් ආනයන කාලය දීර්ඝ කරන්න කැබිනට් අනුමැතිය

එළඹෙන ජනවාරි 10 වැනි දා දක්වා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, පසුගිය 20 වැනි දායින් අවසන් වූ සහල් ආනයන අවසරය එළඹෙන 10 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බවයි.

කෙසේ නමුත් ඉකුත් 20 වැනි දායින් අවසන් වූ කාලය තුළ, සහල් මෙට්‍රික්ටොන් 67,000ක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

LATEST NEWS