හිටපු ජනාධිපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ලබන සතියේ සිට ඉවතට

හිටපු ජනාධිපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ලබන සතියේ සිට ඉවත් කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අමාත්‍යවරයා එබව සදහන් කළේ ඊයේ(17) පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශයක් මගිනි.
මාස 6 කට වරක් සිදු කරන ලබන ආරක්ෂාව තක්සේරුවේදි ඊට අනුකුලව ආරක්ෂාව සපයනු ඇති බවයි.
මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලේ පසුගිය මාස 11 හමාර තුල රජය විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සදහා රුපියල් මිලියන 1448 වියදමක් දරා ඇති බවයි. වැඩි දුරටත් ඔහු අදහස් දක්වමින් මේ පිළිබද මෙසේ ප්‍රකාශ කළේය.
(පසුගිය මාස 11 තුල මුලු මුදල )
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් – ත්‍රිවිධ හමුදාවට මිලියන 328ක්, පොලිසියෙන් මිලියන 327ක්, ජනාධිපති කාර්යාලයෙන් මිලියන 55ක් දරා ඇති බවයි. ඒ අනුව මුලු මුදල මිලියන 710 යි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් – ත්‍රිවිධ හමුදාවට මිලියන 6ක්, පොලිසියෙන් මිලියන 185ක්, ජනාධිපති කාර්යාලයෙන් මිලියන 16ක් දරා ඇති බවයි. ඒ අනුව මුලු මුදල මිලියන 207 යි.
හිටපු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ වෙනුවෙන් – ත්‍රිවිධ හමුදාවට මිලියන 258ක්, පොලිසියෙන් මිලියන 39ක්, ජනාධිපති කාර්යාලයෙන් මිලියන 10ක් දරා ඇති බවයි. ඒ අනුව මුලු මුදල මිලියන 307 යි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් (මාස 03ට ) – ත්‍රිවිධ හමුදාවට මිලියන 19ක්, පොලිසියෙන් මිලියන 60ක්, ජනාධිපති කාර්යාලයෙන් මිලියන 3ක් දරා ඇති බවයි. ඒ අනුව මුලු මුදල මිලියන 82 යි.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙනුවෙන් – ත්‍රිවිධ හමුදාව වැය බර දරා නොමැත, පොලිසියෙන් මිලියන 99ක්, ජනාධිපති කාර්යාලයෙන් මිලියන 12ක් දරා ඇති බවයි. ඒ අනුව මුලු මුදල මිලියන 110 යි.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව වෙනුවෙන් – ත්‍රිවිධ හමුදාව වැය බර දරා නොමැත, පොලිසියෙන් මිලියන 30ක්, ජනාධිපති කාර්යාලයෙන් මිලියන 3ක් දරා ඇති බවයි. ඒ අනුව මුලු මුදල මිලියන 32 යි.
මේ අනුව විශ්‍රාමික ජනාධිපතිවරුන් වෙනුවෙන් මහජන මුදල් වැයකර ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.