කුසල් මෙන්ඩිස් ගෙන් සුපිරී ඉනිමක්

අද (17) පැවති LANKA T10 Super League 19 වෙනි තරඟයේදී කොලොම්බු ජැගුවර්ස් කණ්ඩායම සහ ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම අතර තරගයේදී කුසල් මෙන්ඩිස් ගෙන් ඉතා විශිෂ්ට පිතිහරබයක් දකින්නට ලැබුනේය.

මෙහිදී කොලොම්බු ජැගුවර්ස් කණ්ඩායම පන්දුවාර 10ක් තුලදී කඩුලු 8 ක් දැවි ලකුණු 99 ක් ලබා ගත්තේය.

එහිදී අෂිෆ් අලි පන්දු 7 කදී ලකුණු 18 ක් සහ රමේෂ් මෙන්ඩිස් පන්දු 16 කදී ලකුණු 28 ක් නොදැවි ලබා ගත්තේය.

මෙහිදී ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම පන්දු යැවිමේදි දුනිත් වෙල්ලාලගේ ලකුණු 5 කට කඩුලූ 3ක් ද , ලහිරු කුමාර ලකුණු 19 කට කඩුලූ 2ක් ද , ඩේවිඩ් වීශ් සහ ජෝර්ජ් ගර්ටන් අතර කඩුලු 1 බැගින් ද ලබා ගත්තේය.

පසුව පහර දුන් ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 5 කුත් පන්දු 4ක් තුලදී 1ක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු 100 ක් ලබා ගෙන තරගය අවසන් කළේය.

මෙහිදී කුසල් මෙන්ඩිස් පන්දු 23 කට ලකුණු 79 ක් නොදැවි සහ චරිත් අසලංක පන්දු 8 කින් ලකුණු 16 ක් නොදැවි ලබා ගත්තේය.

මෙහිදී කොලොම්බු ජැගුවර්ස් කණ්ඩායම පන්දු යැවිමේදි ඇන්ජලෝ මැතිව්ස් පමණක් ලකුණු 11 කට කඩුලූ 1ක් ලබා ගත්තේය.

LATEST NEWS