කථානායක ධුරය වෛද්‍ය ජගත් වික්‍රමරත්නට


පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (17) තෝරාපත් කර ගණු ලැබුවා.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ සභානායක බිමල් රත්නායකගේ යෝජනා ස්ථීරත්වයෙනි.

ඒ අනුව ඔහු මෙරට 13වැනි කථානායකවරයා ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

මෙලෙස නව කථානායකවරයෙකු තෝරාපත්කර ගැනීමට සිදුවුණේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් හේතුවෙන් හිටපු කථානායක අසෝක රන්වල එම ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වීම හේතුවෙනී.

LATEST NEWS