ජනපති පිළිගැනීමේ නිල උත්සවය ඉන්දියාවේ රාෂ්ට්‍රපති භවන්හීදී
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය ජනපති දෞපදි ඇතුළු දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ සහභාගීත්වයෙනි.
එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආචාර වෙඩි මුර 21ක් පවත්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැණුනේ ය.
ජනාධිපතිවරයා වෙනුවෙන් සම්ප්‍රදායික හමුදා උත්තමාචාර පිරිනැමීමක් ද එහිදී සිදුවිය.
අනතුරුව සිදුවුණේ, දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හඳුනාගැනීමයි.
ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර නිල හමුව අද (16) දහවල් සිදුවිය.
දෙරටේ නායකයින් අතර, එකඟතා කිහිපයකට එළැඹීමට නියමිත බව, ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
ඊයේ (15) නිල සංචාරය අරඹමින් නවදිල්ලි නුවරට ළඟා වූ ජනාධිපතිවරයාට හිමිවුයේ උණුසුම් පිළිගැනීමක්.
ඊයේ රාත්‍රීයේ ජනාධිපතිවරයා රැඳි සිටි හෝටලයට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්විය.
එහිදී ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳව සාකච්ඡා විය.
ඊට අමතරව, ඉන්දියානු සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම, ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද, එහිදි සාකච්ඡා වී ඇතැයි සඳහන්ය.
ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය ඇති කිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළෙඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී අවධානයට ලක්වු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්විය.