පිල්ලෙයාන් CIDයට පැමිණෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (20) පැමිණ තිබෙනවා.
ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මවුලානා නැමැත්තා කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කැඳවීම සිදු කර තිබෙනවා.
පසුගිය 12 වනදා ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ අතර එදින ඔහු ලිපියක් යොමු කරමින් කියා සිටියේ මේ මස 18 සහ 25 අතර දිනයක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට හැකියාව පවතින බවයි.
ඒ අනුවයි ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නේ.