නවසීලන්තයට එරෙහි ක්රිකට් තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා සංචිතය නම් කෙරේ
ජනවාරි 05 වන දින ආරම්භ වන නවසීලන්තයට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලිය සඳහා ශ්රීලංකා ක්රිකට් ආයතනය ක්රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ප්රකාශයට පත් කර තිබෙනවා.
එහි නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරන අතර දුනිත් වෙල්ලාලගේ ද තරගාවලිය සඳහා වන සංචිතයට ඇතුළත් ඇති බව සඳහන්.
එහි නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරන අතර දුනිත් වෙල්ලාලගේ ද තරගාවලිය සඳහා වන සංචිතයට ඇතුළත් ඇති බව සඳහන්ය .
මේ අතර ශ්රී ලංකාවට එරෙහිව තරගවදින නවසීලන්ත සංචිතයද නම්කර තිබෙනවා.
කෙසේ වෙතත් කේම් විලියම්සන්, ලොකී ෆර්ගියුසන් සහ ඩෙවෝන් කොන්වේ නවසීලන්ත සංචිතයට නම් කර නැත.
මිචෙල් සැන්ටර් ගේ නායකත්වයෙන් යුත් පන්දුවාර 20 සංචිතයට මෙවර අයි පී එල් වෙන්දේසියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදී ගත් ඩෙවෝන් ජෙකොබ්ස් කැදවා තිබෙනවා.
එම ක්රීඩකයින්,
චරිත් අසලංක – නායක
පැතුම් නිස්සංක
අවිශ්ක ප්රනාන්දු
නිෂාන් මදුශ්ක
කුසල් මෙන්ඩිස්
කමිඳු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
නුවනිදු ප්රනාන්දු
දුනිත් වෙල්ලාලගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩසේ
චමිදු වික්රමසිංහ
අසිත ප්රනාන්දු
මොහොමඩ් ෂිරාස්
ළහිරු කුමාර
එෂාන් මාලිංග
එම තරගාවලිය සඳහා තරග 03ක් අයත්වන අතර එම තරග 2025 ජනවාරි 05, 08 සහ 11 යන දිනවල පැවැත්වේ.
දෙරට අතර පන්දු වාර 20 තරගාවලිය ලබන 28 වනදා ආරම්භ වන වීමට නියමිතයි.