එල්ල වූ චෝදනාවට දයාසිරිගෙන් පිළිතුරු

පසුගිය දිනෙක පාර්ලිමේමේන්තුවේ සැසිවාරයක් අතරතුර සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රකාශ කළ ජනාධිපති අරමුදල මගින් මුදල් ලබා ගත් පිරිස සම්බන්ධ පුවතට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.
ඒ ඊයේ(22) රාත්‍රියේ දී හෙට්ටිපොල දී සජබ ක්‍රියාකාරීන්ගේ හමුවකදීයි.
එහිදී මන්ත්‍රීවරයා සඳහන්කර සිටියේ තමන් හෘද රෝගයට ලක්ව රෝහල් ගත කළ අවස්තාවේදි මෛත්‍රිපාල සිරිසේන එම අරමුදලින් ගෙවු බවයි.
ඒ පිළිබඳව ඔහු සඳහන්කර සිටියේ මෙවැනි අදහසක්.
”අපි ඒවට උත්තර දෙනවා. මොකද හේතුව තමුන්නාන්සේලා දන්නවා මම ගිය සතියේ දැන් ඔය දිගටම ගැහුවා. මම පුවත්පත් සාකච්ඡාවකුත් තියලා උත්තර දුන්නා. මට දෙදාස් දහනමයේ ඇතිවුණ හෘදයාබාධය නිසා ඇත්ත වශයෙන් මම ඉල්ලීමක් කරලවත් ජනාධිපතිතුමාට ලිඛිතව ලියුමක් ලියලාවත් නෙමෙයි. ජනාධිපතිතුමාව මාව බලන්න ආපු වෙලාවේ එතුමා යනගමන් එතන ඉන්න නිලධාරීවරුන්ට කියලා, ජනාධිපති ලේකම් කාර්යාලයට කතා කරලා කියලා තිබුණා. මේකේ බිල් එක ගෙවන්න ලෑස්තිවෙන්න කියලා. නැතුව මං එකේ කොළයක්වත් අත්සන් කරලා තිබුන් නෑ. එහෙම අත්සන් කරලා ගත්තනම් ඔන්න තව එකක් කියන්න පුළුවන්. මම දවස් හතරක් වගේ හිටියේ. දැන් ඒක තමයි ඒ ගත්ත ලක්ෂ පහ තමයි දැන් අද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ.මං පිළිගන්නවා ලක්ෂ තුන්සීය, දෙසීය, සීය ගත්ත එක සම්පූර්ණ ඇත්තටම වැරදියි. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? මේ ගත්තේ දෙදහස් දහයේ ඉදලා ඉස්සරහට, දෙදහස් හතරේ ඉදලා දෙදහස් දහය වෙනකල් ඔය කියන මහත්තුරුත් අරගෙන තියෙනවා. ඊලග සතියේ පාර්ලිමේන්තුවේදි හරියට මන් කියලා දෙන්නම් කවුරු කවුරුද අරගත්තේ කියලා ඔය අද කියන යාළු මිත්මිත්‍රාදියෝ ඔක්කොම අරන් තියෙනවා මොකද දෙදහස් හතරේ ඒගොල්ලෝ හිටියා තිස් නව දෙනෙක් පාර්ලිමේන්තුවේ. ඒ තිස් නව දෙනාගේ කට්ටියත් ගත්ත ඒවා කියන්නේ නැහැ දැන් දෙදහස් දහයේ මෙහාට ගත්තේ. දෙදාස් දහයේ ඉඳලා ගත්ත ප් රමාණය. දෙදාස් හතරේ ඉඳලා දෙදාස් දහය වෙනකන් සමහර අය හෘදයාබාධ වලට සල්ලි අරන් තියෙනවා. තමන්ගේ නෝනලාගේ වලට පිළිකා වලටත් ඔතන ඉන්නවා. මං කියන්නම් ඒවා. මොකද හේතුව අපි මඩ ගහන්නේ නෑ. හැබැයි මඩ ගහන්න පටන් ගත්තොත් ඒගොල්ලොත් දැනගන්න ඕනේ අපි හොඳට පිඟන් හෝදලා තමයි පිඟානක් දෙකක් බිඳිලා ඇත්තේ. ඒගොල්ලෝ කාලයක් පිඟන් හේදුවේ නෑ. දැන් ඒගොල්ලෝ පිඟන් හෝදනවා දැන්. හරිද? තව අවුරුදු පහක් ඒගොල්ලෝ පිඟන් හෝදන්න එපැයි. දැම්මනේ අලුතෙන්මනේ වැඩේ පටන් අරන් තියෙන්නේ. නිකන් හෝදන්න. මෙච්චර කල් මොකද කරේ? නිකන් මිනිහට බැන බැන හිටියා. දැන් පළවෙනි වතාවට නිකන් හෝදනවා. පිඟන් හෝදනකොට පිඟානක් දෙකක් බිඳිනවාම තමයි.
ඒගොල්ලන්ටත් කරන්නේ කියන්නකෝ. ඒගොල්ලොත් මනුස්සයෝනේ. මනුස්සයෝ අතින් තමයි වැරදි වෙන්නේ. ඒගොල්ලෝ අතිනුත් වැරදි වේගන එනවා දැන්. තව තියෙනවා. වැරදි වෙච්ච ඒවා තව තියෙනවා. අපි හිමින් හිමිට කියන්නම්.තමන් ඒගොල්ලෝ හිතන්නේ තමන් සුද්දවන්න. තමන් තමයි සුද්දවන්තයෝ. අනිත් ඔක්කොම හොරු. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒ අයත් රාජ්‍ය බලය භුක්ති විඳිමින් ඒක අනුභව කරමින්, පරිහරණය කරමින් දැන් ඉන්නවා.”