මෙරට භූමිය ඉන්දියාවට හෝ කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට කිසිවෙකුට ලබා දීමට සාකච්ඡා කර නෑ – විජිත හේරත්
මෙරට භූමිය ඉන්දියාවට හෝ කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට කිසිවෙකුට ලබා දීමට සාකච්ඡා කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ ය.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය නිල සංචාරය සම්බන්ධයෙන් දැනුවත් කරන විශේෂ මාධ්‍ය හමුවකදීය.
මෙහිදී ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලුවට ස්ථීර විසඳුමක් ලබා ගැනීමට කඩිනමින් මැදිහත්විය යුතු බව ඉන්දීය අගමැති සහ ජනපති අතර සාකච්ඡාවේදී අවධාරණය කළ බව ඇමති විජිත හේරත් සඳහන් කළේ ය.
මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, මේ අතර, මහව – ඕමන්ත දුම්රිය මාර්ග නවීකරණයට ඉන්දියාව දුන් ණය ආධාරය, ප්‍රදානයක් සේ සලකා කටයුතු කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බවයි.
මේ අතර, ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති තවත් ශක්තිමත්ව ඉදිරියට කිරීමට සිය සහය දෙන බවට ඉන්දියානු රජය සහතික වීම.
කරෛයිනගර් බෝට්ටු අංගනය ඉදිකිරීම, ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ සිදුකිරීමට එකඟතාවය පළ කිරීම.
මෙරට මුහුදු කලාපයට ඇතුළු වන පර්යේෂණ නෞකා ඇතුළු සෙසු නෞකා සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට කමිටුවක් පත්කිරීම.
ආදී කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.