තිසරගෙන් අති විශිෂ්ඨ පන්දු යැවීමක්

ඊයේ (17) පැවති LANKA T10 Super League 20 වෙනි තරඟයේදී කැන්ඩි බෝල්ට්ස් කණ්ඩායම සහ නුවරඑලිය කින්ග්ස් කණ්ඩායම අතර තරගයේදී තිසර පෙරේරා ගෙන් අති විශිෂ්ඨ පන්දු යැවීමක් දකින්නට ලැබුනේය.

මෙහිදී පළමුව පහරදුන් කැන්ඩි බෝල්ට්ස් කණ්ඩායම පන්දුවාර 10ක් තුලදී කඩුලු 9 ක් දැවි ලකුණු 111 ක් ලබා ගත්තේය.

එහිදී පැතුම් නිශ්ශන්ක පන්දු 14 කදී ලකුණු 41 ක් සහ ෂෙහාන් ජයසුරිය පන්දු 11 කදී ලකුණු 33 ක් ලබා ගත්තේය.

මෙහිදී නුවරඑලිය කින්ග්ස් කණ්ඩායම පන්දු යැවිමේදි කසුන් රාජිත ලකුණු 16 කට කඩුලූ 4ක් ද , ලහිරු මදුශංක ලකුණු 9 කට කඩුලූ 2ක් ද , බෙනි හොවෙල් සහ චාමික කරුණාරත්න අතර කඩුලු 1 බැගින් ද ලබා ගත්තේය.

පසුව පහර දුන් නුවරඑලිය කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කඩුලු 5ක් දැවි ලබා ගත්තේ ලකුණු 106 ක් පමණි.

මෙහිදි විශිෂ්ඨ පන්දු යැවීමක් යෙවූ තිසර පෙරේරා අවසන් පන්දු ඕවරයේ ලකුණු 14 ලබා ගැනීමට තිබු අවස්තාව නවතාලමින්, ලකුණු 9 කට තම පන්දු ඕවරය සිමා කර, තරගය තම කණ්ඩායම සතු කරගනු ලැබුවා .

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 26 කට ලකුණු 50 ක් නොදැවි සහ කයිල් මෙයර්ස් පන්දු 15 කින් ලකුණු 36 ක් ලබා ගත්තේය.

මෙහිදී කැන්ඩි බෝල්ට්ස් කණ්ඩායම පන්දු යැවිමේදි තිසර පෙරේරා ලකුණු 11 කට කඩුලූ 2ක්ද විසා ලකුණු 29 කට කඩුලූ 2ක්ද සික්කුගේ ප්‍රසන්න ලකුණු 8කට කඩුලු 1ක් ද ලබා ගත්තේය.

LATEST NEWS