ශකිබ් අල් හසන්ට තවත් කරදරයක්

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා වන ශකිබ් අල් හසන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලේ අනුමැතිය ඇති ජාතික ක්‍රිකට් සංගම් මගින් සංවිධාන කරනු ලබන දේශීය හෝ විදේශීය ක්‍රිකට් තරගාවලදී පන්දු යැවීම අත්හිටුවා තිබේ.
බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ පිළිබඳ නිවේදනය කරමින් පැවසීය.
එංගලන්තයේ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් එරට පැවැත්වුණු ක්‍රිකට් තරගාවලදී ශකිබ් අල් හසන්ට පන්දු යැවීම පසුගිය දා තහනම් කළේය.
ඒ අනුව ඔහුගේ පන්ඳු යැවිම ඉරියව්ව නැවත පරීක්ෂණ ලක් කළ යුතු බව පවසයි.
ඔහු ගෝල් මාවලස් කණ්ඩායම් නියෝජනය කරමින් මෙම දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා T10 තරගාවලිය සඳහා එක්වී සිටින නමුත් පැවති කිසිදු තරගයකදී පන්දු යැවීම නිරත නොවිණි.