ලංකා T10 තරගාවලිය තවත් උණුසුම් වෙයි

ඊයේ (15) පැවති LANKA T10 Super League 13 වෙනි තරඟයේදී හම්බන්තොට බංගලා ටයිගර්ස් කණ්ඩායම සහ නුවර බෝල්ට්ස් කණ්ඩායම අතර තරගයේදී මොහොමඩ් ශෙෂාඩ් විසින් වේගවත් පිතිහරබයක් තම කන්ඩායම වෙනුවෙන් ලබා දුන්නේය. මෙහිදී හම්බන්තොට බංගලා ටයිගර්ස් කණ්ඩායම කඩුලු 6 ක් පමණක් දැවි ලකුණු 163 ක් ලබා ගත්තේය.

එය මෙවර LANKA T10 තරගාවෙලියේ වැඩිම ලකුණු ප්‍රමාණය වේ.

එහිදී මොහොමඩ් ශෙෂාඩ් පන්දු 18 කදී ලකුණු 52 ක් ලබා ගත්තේය. නායක දසුන් ශානක පන්දු 15 කදී ලකුණු 39 ක් නොදැවි ලබා ගත්තේය.

මෙහිදී නුවර බෝල්ට්ස් කණ්ඩායම පන්දු යැවිමේදි නායක තිසර පෙරේරා ලකුණු 26 කට කඩුලූ 2ක් ද , ප්‍රසන්න ලකුණු 10 කට කඩුලූ 1ක් ද , විෂා සහ ඉමාඩ් අතර කඩුලු 1 බැගින් ද ලබා ගත්තේය.

පසුව පහර දුන් නුවර බෝල්ට්ස් කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 9ක් දැවි ලකුණු 116 ක් ලබා ගත්තේය.

මෙහිදී ශමාෂ් පන්දු 13 කට ලකුණු 25 සහ ෂෙහාන් පන්දු 7 කින් ලකුණු 23 ලබා ගත්තේය.

මෙහිදී හම්බන්තොට බංගලා ටයිගර්ස් කණ්ඩායම පන්දු යැවිමේදි රත්නායක ලකුණු 10 කට කඩුලූ 4ක් ද , නායක දසුන් ශානක ලකුණු 16 කට කඩුලූ 2ක් ද , ලක්ශාන් සහ උදාන අතර කඩුලු 1 බැගින් ද ලබා ගත්තේය.

LATEST NEWS