කථානායක අශෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

දසවෙනි පාර්ලිමේන්තුවේ කථානායක අශෝක රන්වල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විවාදයක් මතුවී ඇති අතර ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය විසින් අත්සන් ලබා ගනිමින් සිටින මොහොතකයි.
ඔහුව එම තනතුරට යෝජනා කළේ අගමැතිනි හරිනි අමරසූරිය විසින් වන අතර ඔහුගේ නම ස්ථීර කරනු ලැබුවේ අමාත්‍ය විජිත හේරත් විසිනි .
නිවේදනයන් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ගැටළුවක් සමාජය තුළ මතු කරනු ලැබූ අතර තමන් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් තමාගේ අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඇතැම් ළියකියවිලි මේ වෙලාවේ තමා සතු නොමැති බවත් ඔහු සඳහන් කරනවා.
තමන්ට ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත් එම ලියකියවිලි හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට තමා අදහස් කරන බවත් එම නිවේදන මගින් ඔහු සඳහන් කරනවා.
එමෙන්ම මේ මොහොතේ මතුවී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා තමා එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.