දසුන් ශානකගේ සුපිරි පිතිහරබයක්

පෙරේදා(21) පැවති T10 අබුඩාබි දෙවනි තරඟයේදී බංගලා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් පහර දුන් දසුන් ශාන්ත වේගවත් පිතිහරබයක් තම කන්ඩායම වෙනුවෙන් ලබා දුන්නේය. මෙහිදී බංගලා ටයිගර්ස් කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු 107 ලබා ගත්තේය.
එහිදී දසුන් ශානක පන්දු 27 කදී ලකුණු 62 ලබා ගත්තේය. ෂසායි පන්දු 26 කදී ලකුණු 35 ක් ලබා ගත්තේය.
නමුත් පසුව පහර දුන් සැම්ප් ආමි කණ්ඩායම ලකුණු 107 ඉලක්කය ලබා ගත්තේ කඩුලු හතරක් පමණක් දැවී තිබියදීය.
ඔවුන් කඩුලු හයක් අතැතිව ජයග්රහණය ලබා ගත්තේය මෙහිදී ඩු පෙලේසිස් පන්දු 14කට ලකුණු 29 සහ ටේලර් පන්දු 13කින් ලකුණු 27 ලබා ගත්තේය.