කාන්තාවකගේ ගර්භාෂයේ කිලෝ 10ක ගෙඩියක්

කාන්තාවකගේ ගර්භාෂයේ තිබූ කිලෝ 10ක් පමණ බරැති ගෙඩියක් ශල්‍යකර්මයක් ඔස්සේ සාර්ථකව ඉවත් කිරීමට හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් සමත් වී තිබෙනවා.
අදාළ කාන්තාව 40 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ශල්‍යකර්මයක් සිදුකළ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම පැවසුවේ මෙම කාන්තාව මේ වන විට සුවෙන් පසුවන බවයි.