මනූෂ නානායක්කාර⁣ගේ සහෝදරයා ලබන 06 වැනිදා දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට පත් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ සහෝදරයා ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අද ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේන් අනතුරුවයි.

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ සහෝදරයා ඊයේ දින බිබිල ප්‍රදේශයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්විය.

මනුෂ නානායක්කාර මහතා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේදී එහි සිදුව ඇති රැකියා ජාවාරමක් පිළිබද ප්‍රශ්න කිරිමට ඔහු එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේය.

LATEST NEWS