ටොයොටා ලංකා සමාගම පළමු රථවාහන තොගය ගෙන්වයි


මෙරටට වාහන ආනයනය තහනම් කර වසර ගණනාවකට පසු එම සීමා ලිහිල් කිරීම යටතේ පළමු රථවාහන තොගය මේ වනවිට දිවයිනට ගෙන්වා තිබෙනවා.

ටොයොටා ලංකා සමාගම එම වාහන ගෙන්වා ඇත්තේ සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය වාහන ගෙන්වීමට රජය දී ඇති අවසරය මතයි.

ටොයෝටා ලංකා පෞද්ගලික සමාගම මේ වන විට වාහන 26ක් ආනයනය කර ඇති අතර, ඊට බස් රථ සහ වෑන් රථ අයත්ය.

මේ අතර, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ කියා සිටියේ ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවී වාහන ආනයනය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවයි.

LATEST NEWS