අද සිදුවූ බිහිසුණු අනතුර

කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදී අද (18) අලුයම ට්‍රැක්ටර් රථයක ගැටීම හේතුවෙන් තිදෙනෙකු තුවල ලබා රෝහල්ගත කළ බව කොඩිකාමම් පොලිසිය පවසනවා.

යාපනය දක්වා ධාවනය වූ මෙම බස් රථය කොඩිකාමම් ප්‍රාදේශීය රෝහල අසලදී මාර්ගයේ ධාවනය වූ කුඩා ට්‍රැක්ටරයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

එහිදී බස් රථයේ ගමන්ගත් තිදෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

LATEST NEWS