අදානි ව්‍යාපෘති ගැන අධ්‍යනයට යළි කමිටුවක් – බලශක්ති අමාත්‍යාංශය

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල රැස්වීමට යොමු කරනු ඇති.

බලශක්ති අමත්‍යාංශය පැවසුවේ, එහිදී ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු වියදම් ඇතුළු කරුණු යළි සලකා බැලීමට නියමිත බවයි.

මීට පෙරද, අදානි සමාගම මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සුළං විදුලිබලාගාර ව්‍යාපෘති සම්බන්ධයෙන් අමාත්‍යාංශය පත්කළ කමිටුවක් කරුණු අධ්‍යනය කළේ ය.

මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති මගින් ජනනය කිරීමට අපේක්ෂිත විදුලිය ප්‍රමාණය මෙගා වෝට් 484 ක්.

LATEST NEWS