2024 වැඩිම පිරිසක් විදෙස් රැකියා සඳහා ගිය වසර බවට පත්වෙයි
2024 වර්ෂය මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගත වූ වසර බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මේ වසර තුළ පුද්ගලයින් 312,836 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතව ඇති බව එම කාර්යාංශය සඳහන් කළේය.
ඒ අතර පිරිමි ශ්රමිකයින් 185,162 හා කාන්තාවන් 127,674 ක් වන බව සඳහන් වේ.
මීට පෙර වැඩිම පිරිසක් විදේශ ගතවී ඇත්තේ 2022 වර්ෂයේ වන අතර, පසුගිය වසර 6 තුළ ශ්රී ලාංකිකයින් ලක්ෂ 13ක් රැකියා සඳහා විදෙස් ගතවී තිබේ.